කදුලක් වූ සාදයඇය නමින් මේශා ය. දුටුවන් සිත් පහන් කළහැකි චිත්තාකර්ෂණීය මනමෝහනීය ප්රභාවත් රුවත් හැගීම්බර වූ නිල් පැහැ දෑස් යුවලත් නිසාම මේශාට කාගේත් ආදරය දිනාගන්නට ඈ සමත් විය.
එය මීට වසර 20 ට පමන එහා සිදුවීමකි.වාසනාවකට ඇගේ දිනපොත හමුවුවත් එය නතර කර තිබූ තැනින් එහාට කිසිවක් ලියන්නට අයකු නොවීය.
ඉතින් මා මේ ඔබව කැටුව යන්නේ මීට වසර 20 කට එහා වූ සිදුවීමකටය.
එන්න, පිවිසෙමු මේශාගේ දිනපොතේ ඇගේ සිතුවිලි අතරට.
2000 , 05 , 05
අද හරිම ලස්සන දවසක්. අම්ම මාව උදෙන්ම ඇහැරෙව්වනෙ. මගුල. ආ පස්සේ මතක් උනේ අද අපි මතුගම යනව කිවනෙ.
ලමයො නැගිටිනව පස්ස පැත්තට අව්ව වැටෙනකම් බුදි..
හරි අම්මෙ ඇස් ඇරන් ඉන්නෙ
අයියෝ මන්ද එයා එක්ක බෑ.
මට ආච්චි අම්මව බලනකම ඉවසිල්ලක් නෑ. අන්තිමට එයාව දැක්කෙ අවුරුදු කීයකට කලින්ද.කොහෙද එහෙ යන්න අපෙ අප්පච්චිට ඕන කමක් තියෙන එකක් යෑ.
මං ඒත් නිතර කිව්ව ආච්චි අම්මව එක්ක ආවිත් මෙහෙ නවත්ත ගමු කියල. නැන්ද නැති උනාට පස්සෙ එයාට එහෙ පාලු ඇති නෙ.
අපෝ කාර් එකට නැග්ග විතරයි හෙන සද්දෙට පටන් ගත්තෙ නැතෑ වහින්න.මගුලක් තමා
ඒ මදිවට අකුණු ගහනවත් එක්ක.
මට බය ගමන නවත්තමු කියල අප්පච්චි කිව්වොත් එහෙම.
ගෙදරින් එලියට දාද්දිම ආවෙ නැතෑ හෙන වේගෙන් බයිසිකල් කාරයෙක්.
අම්මෝ මගෙ පපුව නතර වුනා.
තව පොඩ්ඩෙන් හැප්පෙනව.
පාර පේන්නෙ නැති ගානයි ඒ තරම් වැස්සක්.
මහත්තය හිමින් යන්..පාර පේන්නෙත් නෑ නෙ
අපෝ ඔන්න ඉතින් අම්ම කන්දොස්කිරියාව පටන් ගත්ත.
හයිවේ එකෙන් එලියට දාද්දිම බෝම්බයක් ගැහුව වගේ සද්දයක්
මං හිතුවෙ බෝම්බයක් කියල.
ඇයි හැම තැනම බෝම්බනෙ මේ දවස් වල.
මට දැනුනෙ පපුව නතර උනා වගේ.
පස්සෙ දන්නෙ කාර් එකේ පැච් එකක්.
අද නම් මහ කාලකන්නි දවසක්.
එහෙම කියාගෙන අප්පච්චි එලියට බැස්සෙ.
පැයක් විතර එතන. මේ වැස්සෙ රෝද මාරුකරන්න යෑ.
ඒ මදිවට මුලු පාරම අඳුරුයි. ගස් ඇබරි ඇබරි යන්නෙ කඩා වැටෙන්න වගේ.
අපි ගෙදර යමුද මහත්තය.
අම්ම ආයෙම ඇහුව.
මෙච්චර දුර ඇවිත් හැර්ල යන්නෙ අපරාදෙනෙ.
කොහෙන් ආවද මන්ද අකුණු පාර නැත්තන් පේන්නෙත් නෑ
පොඩි කොල්ලෙක්
කාර් එකේ වීදුරු වට මූන තද කරන් බලා ඉන්නව.
මට බයේ බෑ. මාව කන්න වගේ බලන් ඉන්නෙ.
අප්පච්චීචී.....
මන් වෙව්ල වෙව්ල වගේ තෙපලුවෙ
ඒත් පුදුමෙ මං අප්පච්චිට කතා කරල අනිත් පැත්ත බලද්දි ඒ කොල්ල නෑ.
මගෙ ඇගම හීතල වෙලා ගියා.
යන්තම් වැස්ස අඩු කලා..
අප්පච්චි රෝදෙ මාරු කරගත්ත.
කාර් එකෙන් එළිය බලන් ඉද්දි මට නම් හිතෙන්නෙ මේක හරියට චිත්රයක් කියල.
ඉර එළිය බිදක් නෑ.මහ දවාල වෙලත්. වැස්ස පායල තිබ්බ උනත් හුලග එහෙම්මමයි.
එක සැරේටම අදුරු වලාකුළු එළිය කරන් අකුණු ගහද්දි මට දැනෙන්නෙ මගෙ ඇගම හිරි වැටෙනව වගෙ.
පාර දෙපැත්තේ රූස්ස ගස් කුණාටුව නිසා හෙලවෙද්දි හිතට දැනෙන්නෙ මහ අමුතු හැඟීමක්.
ඒත් සැරෙන් සැරෙ මට මතක් වෙන්නෙ අර පොඩි කොල්ලව.
මන් දිහා වැස්සෙ බලන් උන්නු විදිහ.
මට මොනා හරි කියන්න හැදුවද මන්ද .
මං එහෙම්මම ඇස් දෙක පියා ගත්ත. තව හිතන්න බයයි.
අම්මේ..මෙන්න අයියල ඇවිත්.
මාම කියන්මත් කලින් ආච්චි ආවෙ මාව බදා ගන්න.
කෝ මාමෙ අක්කයි අයියයි.
ආ පොඩි එකා එක්ක ටව්මට ගිහින් නෙ දුවේ.
...................
අද මාමගෙ උපන්දිනේ.
අම්මල කියව කියව ඉන්න අතරෙ මං ගියා වත්ත බලන්න.
ඉස්සර ලස්සනට මල් වවල තිබ්බ. දැන් නම් වල් වැදිල.
ඔව් ඉතින් අයියලත් කොළඹ නෙ.මාමයි ආච්චියි විතරක් මොකට වත්ත හැඩ කරන්නද.
වල් වැදිල හන්දද මන්ද ගේ පේන්නෙ හරිම මූසල පාටට .
බිත්ති වල දිය සීරාව.
ගෙයක් කිව්වට වලව්වක් මේක.
අවුරුදු කීයක් නම් පරන ඇත්ද.
වෙනද නම් වත්තෙ පහල ඇවිදින්න නැනද වත් එනව නෙ.
මං ආයෙ වතාවක් පස්ස හැරිල බැලුව. අනේ මන්ද කවරු හරි පස්සෙන් එනව කියලමයි හිතෙන්නෙ.
ඒ එක්කම හිතට එන්නෙ අර පොඩි එකා .
කොහෙන් ආව මීදුමක් ද මන්ද එක සැරේම.
මට අඩිය තියන්නවත් පෙන්නෙ නෑ.
ඇස් දෙක අන්ධ වෙලා වගේ. මීදුම හැරෙන්න මොනාවත් පේන්නෙ නෑ.
ඒත් එක්කම කවුදො මගේ ඇගේ ගෑවී නොගෑවී ගියා
දැන් හොදටම පපුව ගැහෙනව.
සතෙක් ද දන් නෑ.නැන්ද නැති උනෙත් සර්පයෙක් දශ්ට කරල ලුනෙ.
ආයෙම
මගෙ දිග කොන්ඩෙ ගෑවීගෙන මොකෙක් හරි මං වටේ කැරෙකෙනව.
මට දැනුනෙ හිටි තැනම කැරෙකෙනව වගේ.
කොහෙ බැලුවත් කිසි දෙයක් පේන්නෙ නෑ.
ඒත් එක්කම පොඩි ලමෙක් අඩනව ඇහෙනෙව.මගේ කිට්ටුව මයි ඇහෙන්නෙ.
මට හොඳටම දැනෙනව කව්රුම හරි මං ගාව ඉන්නව.
බයට පපුව මිරිකිලා වගේ.නලල පුරා දාඩිය ගලනව.
මට ඕනෙ ඉක්මනට ගෙට දුවන්න.
ඒත් එක්කම...
මගෙ පපුව නතර උනා.
අර පොඩි එකා.
කන්න වගේ ඔලුවත් ඇල කරන් මා දිහා බලා ඉන්නව.
මගෙ තොල කට වේලිලා වගේ.
දැන් දැන් පපුව පුපුරන්න වගේ ගැහෙන්නෙ.
ඒත් එක පාරම...
කවුදෝ අතින් ඇද්ද...
නන්ගි...
මං ගැස්සිල බැලද්දි ඉබේම කෑගැස්සුනා.
බැලින්නම් අක්ක.
මොකෝ.
මෙතන නිකම් බය වෙලා වගේ
යන් ගෙට
අනේ මන්ද අර මීදුම එහෙම්මම අතුරු දන්.
අක්ක එක්කල මං ගේ දිහාවට යද්දි නිකමට උඩහ කාමරේ ජනේලෙ දිහා බැලුවෙ.
මට හොදටම ශුවර් කවුදෝ හිටිය.
එක පාරම නොපෙනී ගියා.
මං දවසම හිටියෙ අවුලෙන්.
ඒහන්ද කලින්ම ඇද්දට ගියා.
සාදෙ ඉවරත් නෑ.
වෙනද වගේ මං උඩහ කාමරේට ආවෙ දොරත් වහගෙන.
ලයිට් නිවල ඇදේ ඇල උනත් ඇස් පියවුනේ නෑ උදේ වෙච්ච වේවල් හිත පුරා වද දෙනව.
මං අප්පච්චිට කිව්වත්.
එයා කිව්වෙ මට විකාර කියල
මට යන්තම් ඇහැ පිය්ද්වෙද්දි ඇහුනෙ හීන් අඩි සද්දයක්.
සාදෙ ඉවර වෙලා දැන් වෙලාව් රෑ එකොලහටත් කිට්ටුයි.
එක සැරේම මගෙ මූනෙ දැවැටුනේ සීත හුලං පාරක්.
එතකොටයි මං දැක්කෙ ජනේලෙ ඇර දාල.
වෙන්න බෑනෙ.
මං හොඳට මතකයි මන්ම තමා මේක වැහුවෙ .
ජනෙල් තිරේ හුලගට ඒ මේ අත නටනව.
කලුවරේම මං නැගිටල ගියේ පියන වහන්න.
පුදුම මූසල නිස්සද කමක්. හීත හුළං මගෙ මූන සිපගනිද්දි ඇග හිරිගඩු පිපෙන ගානයි.
නිදිමතේම මං පියන වහද්දි නිකමට වත්ත පහල බැලුවෙ.
අර පොඩි එකා.
උදේ හිටි තැනම ඉදන් මා දිහා බලා ඉන්නව.
කෑගැහුවත් වචනයක් වත් පිට උන් නෑ.
මං ඇස් දෙක පියන් පියන වහල විගහග ඇදට පැන්න.
ඒ මේ අත පෙරලුනත් හිත පුරා බයෙන් වෙව්ලනව.
මුලු ඇගම සීතල දාඩියට නෑවිල.පපුව උස් පහත් වෙන සද්දෙ පවා කන පුරා දෝංකාර දෙනව.
ඒත් එක්කම ආයෙ කාමරෙන් එළියෙ කවුදෝ ඇවිදිනව.
පොඩි එකෙක්.
මොකද ඒතරම් හීන් අඩි සද්දයක්.
අක්කලගෙ පොඩි එකා වෙන්න බෑනෙ තාම ඒකට ඇවිදින්න බෑනෙ .
දැන් දැන් කාමරේ ගාවින් දුවනව.
එන්න එන්න අඩි සද්දෙ වැඩී.
අහ්හ්...
මං අත් දෙකෙන් තණ කරල කන් දෙක වහන් ඇදේ අනිත් පැත්තට පෙරලුනා.
ඒත් එක්කම කාමරේ පුරා තිබ්බ නිහැඩියාව බිදුනෙ දොරට ගහන සද්දෙන්.
කවුදෝ දොරට ගහනව.
මට දැන් කකුල් පන නැති ගානයි.
ආයෙ ගහනව.
එක පාරම දොර එළිය පැත්තෙන් හූරනව වගේ ඇහෙන්නෙ.
පපුව ගැහෙද්දි තොල කට වේලිලා යද්දි මං හෙමින් ඇඳෙන් බැස්ස.
දැන් දැන් පපුව වේගෙන් ගැහෙනව.
මං යන්තම් අත උස්සල ලයිට් එක දැම්ම.
මුලු ගේම නිස්සද්දයි.
මං යන්තම් දොර මෑත් කරල බැලුව.
මුලු කොරිඩෝ එකම පාළුයි.
එහෙනම් කවුද ඇවිද්දෙ.
ඉබේම කෙල ගිලුනෙ.
මං ආයෙ කාමරේ දොර වැහෙව්ව.
දොර වහල මං හැරුනෙ බිත්ති යෙ එල්ලල තිබ්බ කණ්ණාඩිය දිහා.
මට හිතා ගන්න බෑ මේ මන්මද කියල.
කඩදහියක් වගේ සුදුමැලි වෙලා .
කොන්ඩෙ එකම අවුල් ජාලාවක්.
ටීශර්ට් එක දාඩියට පෙගිල ගිහින්. නලල දාඩියට දිලිසෙන තරම්.
ඒත් එක්කම එක සැරේ මං දැක්කෙ මගෙ පිටිපස්සෙ අර කොල්ල.
මූන ඇල කරන් ඇස් දෙක රතුම රතු පාටයි.බෙල්ල කැඩුන බෝනික්කෙක් අතේ.
කකුල් පන නැතුව යද්දි
මං එහෙම්මම
පිටි පස්ස හැරුනෙ බිත්තියට පිට දීගෙන.
ඒත් කිසි කෙනෙක් නෑ.
පපුව ගැහෙනව.මැරෙන්න වගේ.
අහ්හ්හ්...
මට දැනෙන්නෙ ඇස් දෙකෙන් කඳුළු ගලනව දැන්.
බයට.
මං එක අතකින් පපුව අල්ල ගෙන ඇද ගාවට ගියේ ලයිට් එක වත් නිවන් නැතුව.
කකුල් පන නෑ පොලවට ඇලිල වගේ.
හ්හ්
ඇද ගාව තිබ්බ පිත්තල ජොග්ගුව.
මට දැනුනෙ මාව මරන්න යනව වගේ බයක්.
අත වෙව්ලදි මං ජොග්ගුවෙන් වීදුරුවට වතුර වක්කරගත්තෙ තිබහට .
ඒත් එක්කම මට ව්මනෙට ආවෙ.
වීදුරුව පිරෙන්නෙ වතුරෙන් නෙමේ ලේ වලින්.
රතුම රතු පාටයි.
කට බාගෙට ඇරෙද්දි මං එහෙම්මම ජොග්ගුව අතෑරල ඇදට වැටුන.
ජොග්ගුව සද්දෙට කාමරේ පුරා පෙරලිලා යද්දි මං පොරෝනාව උඩට ඇදගද්දි
එක පාරම ගැහි ගැහී ලයිට් එක ඕෆ් උනා.
මන් ඇස් පියන් ඇදේ හාන්සි උනත් කවුදෝ ඇදේ ඉන්නව වගේ.
මගෙ ලගින්ම.
හ්හ්...
මං අඩ අඩාම නැගිට්ට.නැගිට්ට නෙමේ පෙරලිලා වැටුන.
මං එහෙම්මම බිත්තියට හේත්තු උනේ ඇගම භීතියෙන් මුසපත් වෙද්දි.
ඒත් එක්ක ෆෑන් ලයිට් එකෙන් හද එලිය කාමරේට වැටුන.
මට දැනුනෙ කලිසම තෙමෙනව වගේ.
අර පොඩි එකා ඇදේ ඉදන් මා දිහා බලා ඉන්නව.
ඒකගෙ ඇස් දෙකෙන් කලු පාටට තාර වගේ වැක්කෙරනව.
හෑහෑ.......
කාමරේම දෝංකාර දෙන්න්න ඒක හිනා උනේ මහ වියරු බැල්මක් එක්ක ඒ කටුක.හිනා සද්දෙට.
මං කන් දෙක තද කරල වහගෙන තවත් මුල්ලට උනේ දණිස් දෙක ඇගට හිර කරන්.
මං හිමින් ඇස් ඇරිය ඒක පේන්න නෑ.
මං අඩාගෙනම නැගිටින්න හදද්දි ආයෙ වැටුන.
ඒත් එක්කම ලයිට් එක පත්තු උනා.
දෙවියනේ ඇද යටින් රතු පාට පීත්ත පටියක් වගේ මොනාදෝ ගලනව.
මං වෙව්ල වෙව්ලා නැගිටිද්දි අත වැදිල ඉස්සල්ල ලේ පිරුණු වීදුරුව සීසීකඩ බිදිල ගියා.
එක පාරම අර කොල්ල මං ඉස්සරහ මං යන්තමට දැක්කෙ ඇස් බෝල දෙකෙන් කලු පාටට තාර වගේ බේරෙනව.
ඔළුවෙ ලොකු තුවාලයක්. පනුවො පිරිල ජොර ජොර ගානව.
ඒත් එක්කම කාමරේ පුරා කුනි මස් ගදක් වගේ නාස් කුහර කඩාගෙන යද්දි
මං ඇස් දෙක තද කරල. පියාගෙන දොර දිහාට දිව්ව...
අහ්හ්...
යටිපතුල පසාරු කරන් වීදුරු කටුවක් ගිහින්...
සැසෙන් කකුල ලෙවලින් නෑවෙන්න උනා..
එක අතකින් පපුව අල්ලගෙනම මං සොයිබෙ පන්නල දොර ඇරියත් ඇරුනෙ නෑ.
මං කොච්චර තද කරත් ඇරුන් නෑ.
ඒත් එක්කම දොරේ යතුරු හිලෙන් මොනාදෝ දියරයක් ගලන්න ගත්ත.
හැඩල් එක රත් වෙද්දි මං ඒක අතෑරියත් එතකොටයි දැක්කෙ හැඩල් එක පුරා ඒ දියර ගලනව.
හැඩල් එක අතෑරියත් අත ලේවලින් නෑවිලා..
දෙයියනේ දොරෙන් ලේ ගලනව..
මං පිස්සුවෙන් වගේ කාමරේ පුරා දුවද්දි කකුල ආයෙ ආයෙ කැපිල ලේ ගලන්ව.
ඒත් අර පොඩි එකා ආයෙ මා ඉස්සරහ..
මට හිතාගන්න බෑ කොහෙන් ලේ ගලනවද..
එක පාරම මං දැක්කෙ ඒකගෙ අතේ තිබ්බ බෝනික්ක මං පුන්චි කාලෙ නැන්ද මට දුන්නු එකා වගේමයි...නේද
නැන්ද එක්ක තරහ ගිහින් මං දවසක් ඌව විසික් කරා ගෙයින් එලියට
ඒත් බෝනික්කගෙ බෙල්ල බාගෙට කැඩිල.
මට යන්තම් දැනුනෙ මගෙ කොන්ඩෙ තෙත් වෙනව වගේ....
අහ්හ්...මං කණ්ණාඩියෙන් දැක්කෙ මගෙ කොන්ඩෙ පුරා අර කලු තාර වගේ ගලනව.
මං බයටම අයේම දොරට ගහල දොර කඩන්ම හැදුවත් කාමරේ පුරා අර මූසල හිනාව දෝංකාර දෙන්න උනා.
හ්හ්හෑහෑහෑ......හ්හ්හ්
ඒත් එක්කම අර කොල්ල මං ඉසරහ
උගෙ ආයෙම මූන ඇලකරන් ඇග කිළිපොලා යන කෙඳිරියක් එක්ක..
අර තාර බේරෙන කටෙන් එක දිගට එලියට ආවෙ දිවක්...
බිම දිගේ මා දිහාට එද්දි මං එහෙම්මම බිත්තියට හේත්තු උනා .
ඒක මං ලගට එද්දි මං පුලුවන් තරම් බිත්තියට හේත්තු උනේ කරන්න දෙයක් නැති කමට.
වීදුරු කටුවලට කැපිල ලේ ගලන කකුල් දෙක වටේ දිව එතෙනව.
මට අප්පිරියයි . ඒත් ටිකකින් තේරුණේ ඒක ලේ බොනව.
කකුලෙන් ගලන ලේ බොනව...
ඇගම පන නා වගේ ටික ටික මගෙ ඇගම නිල් පාට වෙනව.
මට දැනුනෙ ඇගේ ලේ පොදක් වත් නැති ගානයි.
මං පුලුවන් උපරිම ශක්තිය යොදවල කකුල ඇද්දත් යකඩ දම්වැලකින් බැඳල වගේ අර පනුවො ගහන දිව යටි පතුල වෙලාගෙන.
මං එතකොටයි දැක්කෙ බෝනික්කගෙ කැඩුනෙ බෙල්ලෙන් ලේ ගලනව.
එක පාරම ටීශර්ට් එක පෙගෙන්නෙ ඇයි බලද්දි..
බෝනික්කගෙ වගේම මගෙ බෙල්ලෙන් ලේ ගලනව...
එක පාරම දැනුනෙ මට පන නැතුව යනව වගේ..
මං එහෙම්මම බිම වැටුන.
මං යන්තම් දැක්කෙ අර පොඩි කොල්ල මට කිට්ටු වෙනව.
දැන් දැන් උගේ කුනු මස් ගඳ මගෙ ඇගම වෙලාගනිද්දි එක සැරේම දොර ඇරුන.
මං ලේ පෙරාගෙනම දොරෙන් එලියට පැන්න.
මන් පුලුවන් උපරිමෙන් දිව්ව.
මගෙ පස්සෙන් ඒ අඩි සද්දෙ ඇහෙනව.
ඒත් එක්කම පඩි පෙල පල්ලෙහා ලයිට් එකක් ඩිම් උනා.
ඒකා පල්ලෙහා මා දිහා බලා ඉන්නව.
මූන තරහින් පිරිල.
ඇස් දෙක භීශනයක් වගේ කට කොන්වලින් කලු ලේ වැගිරෙනව.
ඒත් එක්කම මට දැනුනෙ කවුදෝ මාව පල්ලෙහාට තල්ලු කලා වගේ.
බිමට වැටෙද්දි මං මං යන්තම් දැක්කෙ අක්ක...
මාව තල්ලු කලේ අක්ක.
...............
ඊට පසුදින උදේ දවල් දවසම මේශා ව සෙව්වත් ඇගේ සලකුණක් හෝ නොවීය.
ඇගේ කාමරයේ මොනයම් හෝ සලකුනක්ද නොවීය.
පොලීසිය පැමින පරීක්ශා කලත් පැවසූයේ ඇය රාත්රියේ කාමරයේ නිදා හිටි බවට සලකුණක් වත් නැති බවයි.
වත්ත පුරා සෙවත් උදේ වරුවේ වූ නාකපන වැස්ස නිසා අඩි සලකුණක් හෝ නොවීය.මුලු වත්තම වතුර පිරී තිබුනි.
දින දෙකකට පසුව වත්ත පහල වූ පැරණි වෘක්ශයක් අසල බෙල්ල කැඩී ගිය බෝනික්කකු හමුවිය.
ඒ අසල වූ ළිඳක් ගැන සැක සිතූ පොලිස් නිලධාරින් එය පරීක්ශා කිරීමේදී හමුවූයේ මේශාවය.
එහෙත් තවදුරටත් ඇගෙ ප්රානය නොවීය.
මරණ පරීක්ෂණ යෙන් හෙළි වූයේ එය දියේ ගිලීමෙන් වූ මරණය ක් බවයි.
යටි පතුලේ වීදුරු කටු ඇනුනු සලකුණු පමනක් හමුවිය.
ඔවුන් ගේ නිගමනය වූයේ ඇය රාත්රියේ ඇවිදීමට ගොස් ලිදට වැටුණා කියාය.
නමුත් මසකට පසු රටම කැළඹී ගියේ මේශා ගේ ම්ව මේශාගේ නිදන කාමරය අස් කරද්දි ඇගේ දිනපොත හමු වීමෙන් පසුය.
ඒ දුටු ඇය සිහිසුන් වූ අතර තවමත් කෝමා තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.
ඇය එතරම් භීතියට පත් වුනේ මන්ද?
ඒ දිනපොත ඒ වන තුරුත් , ඇය කාමරය අස් කරන්නට පෙරදා රැයේත් දින පොතේ ලියා ඇති නිසාය.
නමුත් ලියා තිබුනේ කාබන් වලින් නම් නොවේ.
රක්ත වර්ණ රුධිරයෙනි.
සත්ය සිදුවීමක් බව කනගාටුවෙන් වුව කීමට සිදුවේ..
~ නිමි ~
No comments:
Post a Comment