Wikipedia

Search results

Saturday, July 23, 2022

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්



#cryptex 🗞️⚜️

ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි.
ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේඛන කියවීමේ විද්‍යාවයි.

කොඩෙක්ස් ( codex ) යනු ' රහසිගතව සුරැකුනු ලැබූ තොරතුරු අන්තර්ගත ලේඛනය ' යන්නය

එසේම  krypto's යන ග්‍රීක භාශාවේ එන වදනින් ද ඒ අරුත ගෙන එයි.
krypto's යනු " hidden secret " යන අදහසයි.

          පිලිගත් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව නම් මෙම ක්‍රිප්ටෙක්ස් සිලින්ඩරය නිමවීමේ ගෞරවය හිමිවනුයේ ලෝප්‍රකට ගණිතඥයකු වන ලියනාර්ඩෝ ඩ වින්චි තුමන් විසිනි.

ඒ කෙසේවෙතත් ක්‍ර්ප්ටෙක්ස් ගැන මෑතකදී කරලියට පැමිනියේ වර්ශ 2003 දී ඩැනියෙල් ජේරාඩ් 'ඩෑන්' බ්‍රවුන් රචනා කල ද ඩ වින්චි කෝඩ් නැමැති ග්‍රන්ථය හරහාය.

මෙම ග්‍රන්ථය ලොව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.
          
ඉන් අනතුරුව ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් 2006 වසරේදී මෙම කථාන්තරය ද ඩවින්චි කෝඩ් නමින් තිරගත වූ අතර ශ්‍රීලංකාවේ එම චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කෙරිනි.the owl

         ඉතින් මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්.

යමකු ක්‍රිප්ටෙක්ස් සිලින්ඩරයක් නිමවනුයේ යම් ලේඛනයක් , වාර්තාවක් , හෝ සැලැස්මක් සගවාතැබීමටය.
බොහෝවිට එය රහස්‍ය තොරතුරු අන්තර්ගත ලේඛනයකි.

ඔබට පෙනෙන ආකාරයට ක්‍රිප්ටෙක්ස් යනු සිලින්ඩරාකාර යන්ත්‍රය කි.
The owl
යමකුට මෙහි අන්තර්ගත රහස්‍ය ලේඛනය ලබාගැනීමට නම් මෙම සිලින්ඩරය විවර කල යුතු වේ.

ක්‍රිප්ටෙක්ස් මගින් ඔබේ ඉවසීම , බුද්ධිය මෙන්ම විශ්වසනීය බව සලකා බලනු ලැබේ.

    මෙහි යම් අගුල ක්‍රියාත්මක වේ. ඔබට එය විවර කිරීමට නම් නියමිත  මුර පදය  ( password )  යෙදිය යුතු වේ.

ඔබට පෙනෙන පරිදි මෙහි කරකැවිය හැකි අකුරු අන්තර්ගත  රවුම් පහක් වේ.
මෙම අකුරු රවුම් කරකැවීම මගින් ඔබ මුර පදය ලබාගත යුතුය.C.N

ඉතින් යමකුට මෙම යන්ත්‍රය විවර කලයුතුවේ නම් මෙම අකුරු පේලි කරකවා මුරපදය ලෙස යොදා ඇති වචනයට අදාල අක්ශර එක පෙලට එන ලෙස සැකසිය යුතුවේ.

නමුත් ඔබට හිතෙන්න පුලුවන් ඇයි මේ සිලින්ඩරය බිදීමෙන් හෝ, කඩාදමා හෝ මෙය විවර කල නොහැක්කේ කියා.
ඔව් යන්ත්‍රය නිර්මාණය කරද්දි ඒ ගැන හිතනව.

එනිසයි එමගින් ඔබේ ඉවසීම උරගාබලන බව පැවසූයේ.

ඒ නිසාම මෙම යන්ත්‍රය සකස් කර ඇත්තේ යම් අනිසි ආකාරයකට යමකු මෙය විවර කරන්නට උත්සාහ දැරුව හොත් ඒ තුල අන්තර්ගත රහස්‍ය ලියවිල්ල සැනෙකින් විනාශ වී යන අකාරයටය.

ඒ කොහොමද ? 
The owl
ඇත්තෙන්ම මෙහි ද ඩවින්චි කෝඩ් ග්‍රන්ථයේ කියන්නෙ නම් මෙම ලියවිල්ල පැපිරස් පත්‍රයෙන් නිර්මිත කල යුතු බවය.

කෙසේ වෙතත් අදාල රහස්‍ය ලේඛනය සිලින්ඩරය තුල බහාලීමය පෙර එය ඉතා තුනී වීදුරු කුප්පියක්  වටා  ඔතනු ලැබේ.

ඉතින් යමකු අනිසි ලෙස මෙම යන්ත්‍රය බිද දමා ඒ තුල අන්තර්ගත රහස්‍ය ලේඛනය ලබා ගන්නට උත්සාහ කල හොත් ඇතිවන ඝට්ටනය නිසා මේ වීදුරු කුප්පිය බිදී ඒ තුල අන්තර්ගත දියරය පිටත පැපිරස් පත්‍රයට කාන්දු වේ. එම දියරය මගින් පත්‍රය දිය කර හරිනු ලබයි.

මොකද්ද ඉතින් මේ දියරය 

සාමාන්‍යයෙන් මෙහි අන්තර්ගත කරනුයේ විනාකිරිය (vinegar). 
විනාකිරි වල අඩන්ගු වන්නේ ඇසිටික් අම්ලයයි.

ද ඩ වින්චි කෝඩ් හී කියන ආකාරයට නම් ලේඛනය පැපිරස් ය.

නමුත් එය විවාදයකට තුඩු දුන් කරුනකි.
ඇත්තෙන්ම විනාකිරි මගින් පැපිරස් පත්‍රය දියකර හරිනු ලබනවාද?

   බොහෝ විට මෙම පත්‍රය පැපිරස් නොව සත්ත්ව හෝ ශාක සම් වලින් සෑදූ පත්‍රයක් විය හැක.

ඒ කෙසේ වෙතත් යන්ත්‍රය ක්‍රියාකරනුයේ මේ අකාරයටය .

යමකු අනිසි ආකාරයට ක්‍රිප්ටෙක්ස් යන්ත්‍රය විවර කරන්නට උත්සාහ කලහොත් ලියවිල්ල විනාශ වී එහි අන්තර්ගත ය සදහටම ලොවට රහසක් පමණක් ම වනු ඇත.

                                                              C.N


 

No comments:

Post a Comment

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...