Wikipedia

Search results

Monday, July 4, 2022

මරදාන

 


මරදාන

මේ ගැන කීප දෙනෙක් ම කතාකරනව මන් අහල තිබ්බ.නමුත් ඒ හැටි විශ්වාසයක් නම් තිබුනෙ නෑ. ඒ කොහොම උනත් රෑ දහය පහුවෙද්දි තනියෙන් නම් මරදාන ස්ටේසමට යන්න එපා.
ඒ වෙලාවට විතරක් නෙමේ කොහොමටත් පාලු වෙලාවල් වෙලට මරදාන ස්ටේශන් එකට නොයන තරමට හොදයි.
කාට උනත් අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනෙ 7,8,9 වේදිකාවලට යන අදුරු මූසල පැසේජ් එකේ තනියෙන් යන්න නම් ඔබට හොද ආත්ම විශ්වාසයක් ඕනෙ.
මේ කියන දවසෙ හොදටම වැස්ස . පාරෙ එහා මෙහා නොපෙනෙන තරම්. ඊට එහා හෙන පුපුරනව.
මට මතක හැටියට ඔය දවසට කලින් දවසෙ දුම්රිය වර්ජනයක් තිබුන.
ඒ හින්දද මන්ද සෙනග හිටියෙම නැති තරම්...
මතක් කරන්න අකමැති උනත්... කමක් නෑ...ඉතින් එදා උනු ඒ සිදුවීම් පෙල මන් ඒ විදිහටම කියන්නම් කො...
අම්මෙ මන් එද්දි රෑ වෙයි අද මන් ඕටී කරනව...
මන් අම්මට කෝල් කරල කිව්වෙ හවස කලින් ගෙදර යන්න වෙන්නෙ නැති නිසා.
මොකද අද චේතනාට රෑ වෙනකම් බෝඩ් මීටින් එකක්. ඒ නිසාම මාත් ඕටී කලා.
මරදානෙන් මීගමුවට යන්න අන්තිම ට්රේන් එක තිබුනෙ රෑ දහයයි හතලිස් අටට.
කොහොම හරි ඒ ට්ර්ර්න් එක අල්ලන්න තමා අපි දෙන්න කතා උනේ.
නවයට දහයයි....මන් ඔෆිස් එකේ වැඩ ඉවර වෙද්දි ම වගේ චේතනාගෙන් කෝල් එකක්.
අයියෙ මල්ලිට සනීප නෑලු.අප්පච්චි ඉක්මනට එන්න පුලුවන්ද ඇහුව.
අනේ නවයහමාරෙ ට්ර්රේන් එකේ යමු.
අප්ප මන් කොහොමද එච්චර කලින් එන්නෙ...
අනේ...
හරි මට එන්න බැරි උනොත් ඔයා ඒකෙ යන්න... මන් දැන් ඕෆ් උනේ... ටැක්සි එකක් අල්ලන් එන්නම්...
හා හරි..බුදුසරණයි...
මන් ඔෆිස් එකෙන් එලියට එද්දිම මහ සද්දෙට හෙන පුපුරන්න ගත්ත.
පාරේ වාහන පේන්නැති ගානට බොද වෙලා. වැස්ස ඒ තරම්.
මන් කුඩේ ඉහලන්න හැදුවත් වැඩක් උනේ නෑ...
හුලගෙ සැර කුඩේට දරන්න බැහැ.
ශිට්.... නවයයි විස්සයි...
නවයයි තිහයි...
ෆෝන් එක ගන්නවත් විදිහක් නෑ..
ඒ තරම් දරුණුවට කුනාටුව...
මන් අත දැම්මත් එකම ටැක්සියක් වත් නතර කරන් නෑ.
එක පාරම මුලු පලාතම දෙවනත් කරගෙන ආවෙ අකුනක් ගැහුව.
ඒත් එක්කම මට ඇහුනෙ ගැහැනු ලමෙක් ගෙ අදෝනාවක්...
එ සැනෙන් පාර පුර විදුලි පහන් නිවිලි ගියා.
අමාවක දවසක් වගේ හද එලියවත් නෑනේ .
යන්තම් මන් ත්රීවිල් එකක් නතර කර ගත්ත.
මල්ලි මරදාන ස්ටේශන් එකට ඉක්මනට
ෆෝන් එකේ මිස් කෝල් විස්සක් චේතනාගෙන්.
මන් කෝල් කලත් ආන්ස්වර් කලේ නෑ.
අපොයි දෙවියනේ මේකි තරහ වෙලා
මන් ස්ටේෂන් එකට යද්දි දහයටත් කිට්ටුයි...
දන්නෙ නෑ ඇයි කියල ඒත් ස්ටේශන් එකේ තිබුනෙ වෙනද නැති මූසල බවක්.
කවුන්ටරේ ටිකට් දෙන්න ඉන්න පොර ඇස් ලොකු කරන් මන් දිහා බලන් ඉන්නව.
ඔව් ඉතින් වැස්සෙ තෙමිල බරි වෙලානෙ.
ගෙදර ගියාම ඉතින් අම්මගෙ පස්පන්ගුව බොන්න එපැයි. ඒක තමා එපාම කරන්නෙ.
රස නම් තව කමක් නෑ.
මන් නිකමට වගේ බෝඩ් එක දිහා බැලුවෙ.
මගුලක් තමා ට්ර්රේන් එක අද එන්නෙ නව වෙනි platform එකටලු.
වෙනද ආවෙ තුන් වෙනි එකට.
වෙලා තියෙන නිසා මන් හිමින්ම ගෑටුව.පස්පන්ගුවට වඩා හිතේ වද දුන්නෙ චේතනාට තනියෙන් ට්ර්ර්න් එකේ යන්න වෙච්ච එක.
කොහෙද කලින් කිව්ව නම් මන් වැඩේ හෙටට දාල හරි එනව නෙ.
ටිකට් කවුන්ටරේ ඉදන් නවයට යන්න තියෙන්නෙ පාලු පැසේජ් එකක නෙ .ඊයෙ ස්ට්ර්යික් එක නිසා වෙන්න ඇති අද සෙනග නෑ. වෙලා ව හොදයි අයිනක් අල්ලන් නින්දක් දාන් වාඩි වෙලා යන්න පුලුවන් .
ඒ ගැන හිත හිතා මන් පැසේජ් එකට ගොඩ උනා.
වැස්ස එන්න එන්නම තදයි.
හුලන් පාර දෝන්කාර දෙනව.
මුලු පැසේජ් එක පුරා තිබුනෙ පුදුම සීතලක්.
මට ඇහුනෙ මගෙ දත් එකට වදින සද්දෙ.
ඔලුව ගල් වෙලා වගේ.
එත් එක්කම මට ඉසරහින් තිබ්බ ලයිට් එක ඩිම් වෙන්න ගත්ත.
මුලු පැසේජ් එකේම ලයිට් ඩිම් වෙනව.කිරි කිරි සද්දයක් එක්ක.
මට යන්තම් ඇහුනෙ කවුදෝ මගෙත් එක්ක එනව වගේ.
මන් පස්ස හැරිල බැලුව වුනත් කිසි කෙනෙක් හිටියෙ නැහැ.
මට ආයෙ ආයෙ දැනුන.
වැස්සෙ සද්දෙ තිබුන තමා ඒත් මට අඩි සද්දෙ හොදටම ඇහෙනව.
මන් කෝකටත් කියල අඩිය ඉක්මන් කරා.
ඒත් එක්කම මට යාර හතටක් පහක් ඉස්සරහින් ගෑනු ලමෙක් ඇවිදන් යනව.
මට ඒ කෙල්ලගෙ හුරු පුරුදු බවක් තිබුන.
ලා රෝස පාට සාරියක් ඇදල.මන් වගේම වැස්සට අහු වෙලා සාරිය ඇගටම ඇලිල...
අයෙ ලයිට් ඩිම් වෙන්න ගත්ත. ඒත් එක්කම වට පිටාවෙ සද්ද සේරම නැතිවෙලා පුදුම මූසල හැගීම් සමුදායක් මන් වටේ වෙලෙන්න උනා.
ඒ නිසාම මන් අර ලමයට කිට්ටු කලා.ඒත් අපි අතර තිබ්බ දුර වෙන්සක් උනේ නැහැ.
ආයෙ මට දැනුන කවුරු හරි මා එක්ක එනව.
මන් බෙල්ල උලුක්කු වෙන තරම් වේගෙන් හැරිල බැලුවෙ.
නෑ කවුරුත් නෑ.එත් ඒ අඩි සද්දෙ මගෙ මොලේ දෝන් කාර දෙනව.
පපුව් නතර වෙද්දි මන් හිටි තැනම නැවතුනා.
කෝ අර ගෑනු ලමය.
මට ඉස්සරහින්මයි හිටියෙ. ඒත් එක්කම මට පසුපසින් සේරම ලයිට් ඕෆ් වෙන්න ගත්ත.
මට ඇහෙනව කවුදෝ.මා දිහාට දුවන් එනව.
මන් එහෙම්මම වේදිකාව දිහාට දුවන්න උනා. එකින් එක ලයිට් ඕෆ් වෙනව. දැන් දැන් අර අඩි සද්දෙ මන් ලගින්ම ඇහෙනව.
පැසේජ් එක කෙලවරට එද්දි මුලු පැසේජ් එකම අදුරුයි.
ලයිට් සේරම නිවිල.
මන් එහෙම්මම දිව්වෙ වේදිකාවට.
ඒත් එක්කම නවත්තල තිබුනෙ ට්රේන් එකක්.
මට හීනෙන් වගේ ඇහුනෙ අනවුන්ස් කරනව.
නවවන වේදිකාවට දැන් පැමිනෙන දුම්රිය තව ස්වල්ප වේලාවකින් මීගමුව සහ හලාවත බලා පිටත් වේ.
ඒත් එක්කම මට ආයෙ අර අදෝනාව ඇහුන.
හරියට කාට හරි වද දෙනව වගේ.වේදනාවෙන් විලාප නගනව.
ඒත් එක්කම නවත්තල තිබ්බ ටේන් එක ඉස්සරහ ඇදෙනව වගේ දැක්කෙ. මන් platform එක දිගේ ඉස්සරහට දුවන්න උනා.
එක පාරම ජැනේලෙකින් මන් දැක්කෙ අර කෙල්ල.මට පිටිපස්ස හරවල නිසා මූන පෙනුනෙ නැහැ.
මන් විගහට ඒ පෙට්ටියට නැග්ග.
ඒ කෙල්ල ඇරෙන්න කෝච්චියේ බලු බල්ලෙක් හිටියෙ නැහැ .
එක සැරේම ෆෝන් එක රින්ග් වෙනව.
දෙවියන්ට ස්තූති වෙන්න ඕනෙ.ඒ..චේතනා.
මන් ෆෝන් එක ආන්ස්වර් කරන්න හදද්දිම අර ලමය අඩන්න ගත්ත.
මන් වැඩේ නතර කරල ඒ කෙල්ල දිහාට කිට්ටු කලා.
වැස්සට තෙමිල හොදටම.ඒත් සෑහෙන්න බය වෙලා.
මන් කතා කරන්න හැදුවත් එක පාරම මන් දිහා රවල වගේ බැලුව.
මට හිතා ගන්න බෑ.එම්බාම් කරල වගේ සුදුමැලි වෙලා.
ඒ හිටියෙ මගෙ චේතනා.
ඒත් එක්කම කෝච්චියෙ ලයිට් සේරම ඩිම් වෙන්න ගත්ත.නිවෙනව පත්තුවෙනව.
මේ කෙල්ල මටද බය වුනේ ...
හිනා වෙවී එහෙම කියගෙන චේති ලගට කිට්ටු කලත්
එක පාරම කෝච්චිය නතර වෙන්න ගත්ත. මන් නිකමට දොරෙන් එලිය බැලුව.
මට දෙලෝ රත් උනා. ට්රේන් එක ඇවිත් තිබ්බෙ වෙන කොහෙවත්. මේන් රෝඩ් එකෙන් ඈතට යාඩ් එක පැත්තටයි ට්ර්රේන් එක ඇදෙන්නෙ.
හිටි හැටියෙම වරුසාව නතර වෙලා.
මගෙ දෙකන් පුරා අර විලාප සද්දෙ දෝන්කාර දෙද්දි මන් බැලුවෙ චේතනා දිහා.
ඇය එක්ක තිබුනෙ අඩියක විතර පරතරයක්.
මට දැනුනෙ පපුව නතර උනා වගේ.තවත් ඇය චේතනා වගේ නම් නෙමේ.
ඇගේ මූන පුරා ලේ වැගිරෙනව.
ඇස් කුහර පෑදිලා ලේ ගලනව.
බෙල්ල ලගින් දරුනු කැපුමක්.
මුලු සාරියම වතුරට නෙමේ ලේ වලින් නෑවිලා ගිහින්.
ආයෙ අර වේදනාවෙන් විලාප දෙන සද්දෙ. වෙන කොහෙන්වත් නෙමේ මන් ලගින්මයි.
මුලු කෝච්චියම දෝන්කාර වෙනව.
මන් අත් දෙකෙන් තද කරල දෙකන් වහ ගත්ත.
මට දැනුනෙ පපුව හිර වෙනව වගේ.
මට දුව ගන්න වත් පන නෑ.කෑගහන්න කට ඇරෙන්නෙ ත් නෑ.
අඩි දෙකක් යද්දි මන් එහෙම්මම වැටුන.
මන් බිම දිගේම පස්සෙන් පස්සට ඇදුන.නැගිටගන්න පනනෑ.
දනිස් දෙක ලොක් වෙලා වගේ.
අර ගෑනු කෙනා වේදනාවෙන් ඇබරි ඇබරි කෙදිරි ගගා මා දිහාටම ලන් වෙනව.කෝච්චියේ බිම පුරා ලේ වැගිරෙනව.
ඒත් එක්කම මගේ කකුල් වලින් අල්ලනව වගෙයි දානුනෙ.
මහ දරුනු කටුක කෙදිරියක් එක්ක ඒ කෙනා ලන් උනේ මගේ මූනට.
මට දැනෙනව කලිසම තෙත්වෙනව.
ලේ සුවද නාස් කුහර හරහා මොලේට යද්දි මට වමනෙට එනව . ඊටත් වඩා කුනු වෙච්ච මස් වලින් එන සුවදක් මාව වෙලාගෙන.
මට මතක අර ගෑනු කෙනා කට කොනෙන් ලේ වැගිරෙද්දි කෙදිරි ගගා අත් දෙකෙන් මගෙ බෙල්ල අබරනව විතරයි.
උදේ පාන්දර වෙන්න ඇති. කප්පිත්තාවත කෝවිලේ ගාන්ටාර සද්දෙ.
මන් බලද්දි දහ පහලොස් දෙනෙක් මන් වටේ ඉන්නව.
මගෙ ඔලුව ගලක් වගේ වේදනා දෙනව.
ඉන් එහා මන් කියන්න යන්නෙ නෑ...
මන් පස්සෙයි දැනගත්තෙ එදා රෑ ට්රේන් එකේ එල්ලෙන්න ගිහින් ගෑනු ලමෙක් වැටිල. රේල් පාර දිගේ කෝච්චිය එක්ක ඇදිල ගිහින් ජීවිතේ නැති වෙලා කියල.
ඒත් ඒ චේතනා කියල දැනගද්දි මට හිතුනෙ මාවත් ඒ කෝච්චියට අහුවුනා නම් කියල.
C.N
නිමි....
(මරදානෙ මැවැනි සිදුවීම් වරින් වර වාර්තාවී තිබුනත් මෙම කතාව ගොතන ලද්දකි.
යලිත් පවසමි, මහදවාලේ වුව... පාලු බවක් ඇත් නම් කරුනාකර නතර වන්න. වෙලා ගතවුවත් බසයේ ගමන් ගැනීම ඔබට සහනයක් වනු ඇත.)

No comments:

Post a Comment

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...