Wikipedia

Search results

Wednesday, July 20, 2022

The golden ratio - PHI (ෆයි)


 The golden ratio - PHI (ෆයි)

🤔
මේ ගැන කලින් අහල නැත්නම් හිතෙයි මේ මොන පිස්සුවක්ද කියල.
ඒත් මේක කියවල ඉවර වෙද්දි ඔබ වෙනමම මනෝ ලෝකයක අතරමං වෙයි.
පැරැන්නන් ගේ විශ්වාසය වූයේ විශ්වයේ නිර්මාතෲ පලමුව ෆයි සංඛ්යාව සැකසූ බවය.
එනිසාම මුල් කාලීම විද්යාඥයන් ෆයි (1.618) සැලකූයේ දිව්යමය සමානුපාතිකය ලෙසය.
ලොව ජීවත්වන සියලු ජීවීන්ට 1.618 න් ගැලවීමක් නැත.
සජීවී පදාර්ථයේ ප්රවේනිකව ඉතාම වැදගත් වන DNA තුල මෙම දිව්යමය සමානුපාතිකය ඇති බව ඇසුවහොත් ඔබ පුදුම වෙයි.
DNA අණුවක් සිය ද්විත්ව හේලික්සිය සම්පූර්ණ කරන එක් චක්රයක් සැලකුව හොත් එහි දිග ඇම්ස්ට්රෝං 34 කි
පළල ඇම්ස්ට්රෝං 21 කි.
34/21 = 1.618 බව ඔබ හීනෙන්වත් සිතුවාද.
එසේම ලොව සිටින ඕනෑම මීවදයක ගැහැනු මීමැස්සන් සංඛ්යාව එහි සිටින පිරිමි මීමැස්සන් සංඛ්යාවෙන් බෙදූ විට ලැබෙන අගය ත් 1.618 කි.
ඔබ වෙරළ පාගන්න යනව නම් බෙලි කටු දැකල ඇතිනෙ.
මුහුදු බෙල්ලන් විශේශයක් ඉන්නා "නෝටිලස්" නම් ජීවී විශේශය.
මේ අයගෙ සර්පිල හැඩයෙ බෙලි කටුවෙත් ඔය කියන 1.618 ම තමා තියෙන්නෙ.
මෙහි එක් සර්පිලයක විශ්කම්භය හා යාබද සර්පිලයේ විශ්කම්භය අතර අනුපාතය ගත්තොත් 1.618 යි.
හොදයි ඔය මන් කිව්ව එකක් වත් හරිද කියල බලන්න ඔයාලට අමාරුයි නෙ.
මේක කියවල මගේ මොලේ අමාරුවක් කියල කමෙන්ට් කරන්න කලින්...
පොඩ්ඩක් යන්නකො නාන කාමරේට. මනින් ටේප් පටියක් අරන් යන්න අමතක කරන්න එපා හරිද.
හරි ඒ ගිහින් කැඩපතෙන් ඔබේ නග්න සිරුර දෙස බලන අතර වාරයේ...
ඔබේ හිස මුදුනේ සිට පොලවට ඇති උස හරියටම මනින්න.
ඊගාවට පෙකනියේ සිට පතුල දක්වා ඇති උසෙන් සිරුරේ මුලු උස බෙදා බලන්න.
පුදුම වෙයි..
උත්තරේ 1.618
ඒ මදි නම් අතේ උරහිසේ ඉදන් මැදගැලි තුඩ දක්වා දිග මනින්න.
ඊලගට වැලමිටේ ඉදන් මැදගැලි තුඩ දක්වා දිග මනින්නකො.
දැන් ඔය මුල් අගයෙන් දෙවෙනි අගය බෙදන්න.
උත්තරේ ෆයි.
තව ඕනෙද,
ඉගටියේ ඉදන් පොලවට ඇති උස , දණහිසේ ඉදන් පොලවට ඇති උසෙන් බෙදල බලන්න ඒත් 1.618 යි. ෆයි.
එපමණක් නොවෙයි ඔබේ සිරුර පුරා මේ අපූරූ දිව්යමය සමානුපාතික ය ඔබට හමුවේවි.
ඔබේ මුහුන පවා සැකසී තිබෙන්නෙ මේ දිව්යමය සමානුපාතිකය ට අනුකූලවය.
ඔබේ නලලේ ඉහල සිට නිකට ට ඇති උස, නාසය පහල කෙලවරේ සිට නිකටට ඇති උසෙන් බෙදා බලන්න.
අපි සියලු දෙනා දිව්යමය සමානුපාතිකය ට ඇවිදින නිදසුන්.
පෞරාණික ග්රීක පාතීනන් දෙවොල,ඊජිප්තු පිරමීඩ තුලින් පවා යලි යලිත් ගම්ය වන්නනේ මේ අන්කයමයි.
ඊජිප්තු ශිශ්ටාචාරය තරම් ඈත අතීතයේත් මේ විස්මිත ගණිතමය සමානුපාතිකය භාවිතා කර තිබීම අහබුවක් වන්නෙ කෙසේද.
ලෝකප්රකට නෙෆර්ටිටී රැජිනියගේ උඩුකය ප්රතිමාවේ පවා මේ දිව්යමය සංකල්පය ඇතුලත්.
ලෝකප්රකට කලාකෘතිය ඩ වින්චිගේ මොනාලිසා (අඩක් ගැහැනු අඩක් පිරිමි ) සිතුවමේ පවා මෙම 1.618 සොයාගත හැක.
ඔබ පස් කොන් තරුව හැද බලන්න.
ඔබ නොසිතාම අදින්නෙ මෙම දිව්යමය සමානුපාතිකය ම තමා .
ඔබේ පරිගණකයේ keyboard එකේ shift සිට z දක්වා දුරත්, shift සිට caps lock හි අවසන දක්වා දිගත් මැන එහි අනුපාතය බලන්න.
ඒත් ෆයි.
ඔබ සමහර විට ෆිබොනසි අනුක්රමණය දන්නව ඇති.
0,1,1,2,3,5,8,13,21,34,55....
මෙහිත් හරියට හෙව්වොත් ඔබට ෆයි ව හොයාගන්න බැරි නෑ.
ඉතින් ලෝකයේ ආරම්භයේ පටන් මෙම දිව්යමය අනුපාතය ගලා එනව.
මිනිසා සොබාදමේ නීතීවලට අනුගත වූවෙක් කියන්න මෙයට වඩා සාක්ෂි කුමටද.
C.N
නිමි

No comments:

Post a Comment

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...