Wikipedia

Search results

Tuesday, May 24, 2022


 ~ ස්වප්නා ~

මොන මගුලක්ද මේ දැන් 25 ක් නේද කනව බුදියනව වෙන වැඩක් නෑ...
කවද්ද ලමයො රස්සාවක් කරන්නෙ
අයියෝ අම්මෙ ඉන්න තව අවුරුද්දයි නෙ...
ෆයිනල් එක්සෑම් එක විතරනෙ තව ඉතුරු
අනේ උබේ exam
කැම්පස් එකට ගිය දවසෙ ඉදන් මොකක් හරි... එක්කො ස්ට්රයික් කියයි , තව දවසක් පිකට් ලු.. යකෝ වැඩි හරියක් ගෙදරනෙ
ඒ මදිවට දැන් මේ අවුරුද්ද ම ගෙදර නෙ
හරි අම්මෙ ඉතින් මේ කොරෝන එකට අපි මොනා කරන්නද
අනේ උබේ කොරෝන.
උබල දන්නව වැඩී ඒකයි ඔය.
අර දැක්කෙ නැද්ද ඇමතියෙක් අමුවෙන් මාලු කෑවෙ ... කෝ කොරෝන හැදුනද
අනේ අම්මෙ
අනෙ අම්මෙ තමා..
දැන් අර යස අගේට ඒ ලෙවල් කරේ ළමයි... කෝ කොරෝන හැදුන ද
හා හා ඇති...
මං යන්නම් රස්සාවකට ඉවරනෙ එතකොට
ඒක තමා උබට කිව්වෙ කසාදයක් කරගන්නෙ නැද්ද...
දැන් ඔය ඉගෙන ගත්ත මදෑ...
මොකෝ අප්පච්චිට කියල දැන් බිස්නස් පාඩුනෙ දුවේ.
අනේ මන්ද මේ ආන්ඩුවත්... ආපු දවසෙ ඉදන් කර්ෆිව් නෙ.
කන්න බොන්නවත් නෑ හරියකට.
ඕව හරියයි අම්මෙ. ඉන්නකො මේ වයිරස් එක ඉවර වෙනකම්
අනේ මගුල් වයිරස් ... කෝ මේ හොඳට ඉන්නෙ අපි
..................
බුදු සරණයි දුවේ.හොඳට වැඩ ටික කරගන්නකො
අප්පච්චිට කියන්න එහෙනම් හවසට එන්න කියල
ශිට් ඔන්ලයින් ලෙක්ච එකකුත් තියෙනව අප්ප අද.
මොනා කරන්නද එක අතකට අම්ම කියන කතාවත් ඇත්ත.
මේක ලබන අවුරුද්දෙත් මෙහෙම උනොත් කොහොමද අප්පච්චි අපිව බලාගන්නෙ.
කර්ෆිව් නිසා දැන් බිස්නස් අඩුයි නෙ.
ටවුමෙ කඩේ රෙන්ට් එක දැන් මාස තුනක් ගෙවල නෑ.
කොයි වෙලේ හරි අපිට ඕක වහන්න කියයි...
ඒ මදිවට ඊයෙත් ණය කාරයො ආව ගෙදරටම.
කෑගහල අම්මව භය කරලත් උන් ගියේ.
මැනේජ්මන්ට් ඩිග්රී එකක් කළාට මොකෝ ජොබ් එක නම් හම්බුනේ පොඩි ෆැක්ට්රි එකක.
ඔව් ඉතින් ඩිග්රී එකත් තාම කම්ප්ලීට් නෑනෙ.
මේ කොරෝන අස්සෙ මෙහෙම හරි ජොබ් එකක් සෙට් උනා මදෑ.
ඒක මස් වර්ග ශීත කරල බෙදා හරින ආයතනයක්.
මට නම් අප්රසන්නයි .
ඒත් මොනා කියල කරන්නද.
අද මුල්ම දවස නෙ.
ඒ අස්සෙ කෝල් කරන්නෙ මොකාද.
ඒයි ස්වප්න... උඹ ලෙක්ච එකේද.
ආහ් නෑ බම් මං අද ලෙක්ච එකේ නෑ.
..........
මගුලක් තමා....මං ජොබ් එකකට යනව කියල කරක් ඇරල කියන්නෙ කොහොමද.
ගේට් එක ලගට ගියත් ඇතුලට යන්න මොකද්ද වගේ.
මේකෙත් කොරෝන නම්...
එන්න මිස්...
ම්ම්ම් අපොයි සෙකියුරිටි අංකල් ගේට් එක ඇරිය නෙ.
කමක් නෑ දැන් ඔන්න ඔහෙ යනව ආපු එකේ
Good morning අංකල් ...
මං කට පුරා හිනා වෙන ගමන් කිව්වෙ අංකල් දුන්නු ඔෆිස් id එක සාරියෙ අමුණ ගන්න ගමන්.
ඒ මනුස්සයටත් පුදුමයි.
හිතනව ඇති මේ මොන කරදරයක් පාත් වෙනවද කියල
අහ්හ්..good morning මිස්...
.....මූන පුරා අහින්සක ඒවගේම දයාබර හිනාවකින් සරසගන්න ගමන් මහලු වියට ලංවෙලා තිබ්බ සෙකියුරිටිට කියවුනා..
ඇතුලෙ එක පෙලට වාහන. රිජි ෆෝම් පෙට්ටිවල දාපු ශීත කරපු මස් පටවන.
ගොඩක් ප්රසිද්ධ බ්රෑන්ඩ් එකක් නෙ.
අපෝ මට හොදටම එපා උනා.
මේකෙ ඉන්න උන් හෙනම කම්මැලියොනෙ.
මගෙන් දවසම වැඩ ගත්ත.
ඒ මදිවට මැනේජර්... පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ. නිකන් පස්ස රත් වෙලා වගේ බෙරිහන් දෙන්නෙ එලුව.
ඊට වඩා වදේ දවසම මගුල් මාස්ක් එක දාන් ඉන්න ගියාම.
අයියෝ හවස් වෙද්දි බාගෙට මැරිල වගේ මන් .
කැම්පස් යන එක කොච්චර ලේසිද
වෙලාවට අප්පච්චි මාව ගන්න එනව කිව්වෙ
............
යන්නම් අංකල්. මෙන්න id එක....
අන්කල් යන්නෙ කීයටද
මං ඇහුවෙ අප්පච්චි තාම ඇවිත් නැති හන්ද.
ආ..මිස් මං ඉතින් මෙහෙම තමා ඉන්නෙ. ගෙවල් අම්පාරෙ.
මේ කොරෝන නිසා ගෙදර යන් නෑ.
වෙනද නම් ශිෆ්ට් එක වැඩ කරන්න ත් කෙනෙක් හිටිය.
පහු ගිය ටිකේ සේල් එක පාඩුයි නෙ මිස්.
ගොඩක් අයට ජොබ් නැති උනා.
මට යන්තම් ඉන්න වාසනාව තිබ්බ.
අහ්හ් නේ එහෙමද...
මොනා කරන්නද මිස්... ළමයි තුන් දෙනෙක් ගෙදර.
නිදිමරාගෙන හරි අල්ලන් ඉන්නව.
මේ ජොබ් එක නැති උනොත් උන් හාමතේ මැරෙයි.
මට පුදුම දුකක් හිතට ආවෙ.
ඊයෙ අම්ම ගැන තරහක් ආවත්.
පව් මිනිස්සු හැමෝටම මේක අමාරු කාලයක් තමා.
ආ..අන්න අප්පච්චි ආව. මං ගිහින් එන්නම් අංකල් good night ...
...........
අම්මෝ අදට මාසයක් මං වැඩට ඇවිත්.
ඒ මාසෙම ලෙක්චස් මිස් උනා.
එත් රෑට ගිහින් අහනව නිදිමරගාතෙ.
කොහොම හරි exam එක කරගන්න එපැයි.
අද පඩි දවස...
මට හරිම සන්තෝසයි.
අද හවසට යද්දි ගෙදරට බඩු ගෙනියන්න ඕනෙ.
අම්මටයි අප්පච්චිට පුදුම හිතෙයි...
හවස පහ වෙද්දි හැමෝම කලබලෙන් ඔෆිස් එක පැත්තට යනව.
අහ්හ්... පඩි ගන්න...
මාත් විගහට ෆයිල් ටික වහල ලෑස්ති උනේ යන්න.
මේ දුව...
අහ්හ් මිස්...
අනෙ පුතේ පොඩ්ඩක් අර ආපු චිකන් ෆ්රීසර් එකට දාන එක චෙක් කරන්න කො.
අහ්හ් හා මිස්..
අයියෝ මේ ගෑනි නම් මගෙ ගිය ආත්මෙ තරහකාරයෙක් ම තමා.
දැක්කොත් වැඩක්...කරුමයක්
මට දෙලෝ රත් උනා මස් ලෝඩ් එක දැකල.
අර නාකි ආච්චි මට මේක භාර දුන්නු එක පුදුමයක් නෑ.
අනේ දැන් හයත් වෙලා.
වෙලාවට මං අම්මට කියක ආවෙ අද චුට්ටක් ලේට් වෙයි කියල.
මං ඇත්තටම හිතන් හිටියෙ ගෙදෙට්ට බඩු මොනා හරි ගන්න.
කොහෙද මේ මගුලක් සෙට් උනානෙ.
හයහ මාරයි.
අයියෝ අද පඩි ගන්න වෙන්නෑ. සර් ගෙ කාර් එක යනව දුර තියාම මං දැක්ක.
ඔක්කොමල ගිහින්.මට කේන්තියට ඇඩෙනව දැන්.
හරි මිස් සේරම දැම්ම.
අහ්හ් හොදයි මං බලන්නම්
ශිට් මේක අස්සෙ හිරිකිතේ බෑ මට නම්.
ෆ්රීසර් එකක් උනත් මස් නෙ අප්ප.
අනේ මන්ද අපි මේව කනව නේද...
හරි සේරම ටික ඔය අඩුක් කරල තියෙන්නෙ...
ඒත් එක්කම ඇහුන සද්දෙන් මාව හිරිවැටිල ගියා.
කව්ද අනේ ෆ්රීසර් එකේ දොර වැහුවෙ.
මං අඩියට දෙකට දොර ගාවට ගියත්,
ඒ වෙද්දිත් දොර ලොක්
මං පුලුවන් උපරිම ශක්තියෙන් දොරට ගැහුව.
ඒත් කාටවත් මාව ඇහෙන්නෙ නැද්ද.
දොර සීල් වෙලා වගේ තදට වැහිල.
මං දොරේ දාරෙට අත තියල අරින්න බැලුව...
අහ්හ්හ්.... පිච්චුනා
නෑ දෙයියනේ මේක.ෆ්රීසර් එක නෙ. දොර අයිස් වගේ...
අව්ව්...
නියපොතු දෙකක් කැඩිල දොරේ දාරෙට
.. ලේ ගලනව
කරන්න දෙයක් නැද්ද මට...
මං අන්තිම කෙළවරට යනකම් මගේ ශක්තිය එකතු කරල කෑ ගැහුව.
බෙරිහන් දුන්න.
වැඩක් නෑ මෙකෙ ඇතුළෙ සද්දෙ පිටට ඇහෙන් නෑ මං හිතන්නෙ.
මට දැන් සීතල දරාගන්න බැරි තරමයි. ගැහෙනව.වෙව්ලන.
දත් එකට කට කට ගාල වදිනව.
මට දැනෙන්නෙ ඔලුව නිකන් ගල් වෙලා කියල.
ඒ තරම් හීතලට...
මට ටික ටික ඇග පන නෑ වගේ දැනෙන්න ගත්තෙ.
ඇග පුරා ලේ කැටි ගැහෙනව වත්ද.
දෙයියනේ මේකෙ උශ්නතවෙ ඇත්තෙ සෙල්සියස් සෘණ ගානක්...
මට දැනුනෙ මගෙ ඇගිලි ලොක් වෙලා වගේ. කලින් සුදු මැලි වෙච්ච හම දැන් ලේ පාටට හැරී ගෙන එනව.
සාරි පොට ඔලුව වටේ ඔතා ගත්ත බැරිම තැන.
ඇස් වලින් කඳුළු ගලන් නෑ ඒ තරම් සීතල සැරයි. තොල් පට පැලිල.
ඒත් එක්කම මට කටට දැනුනෙ ලේ රසක්.
නාස් කුහර වලුන් ලේ ගලන්න අරන්...
පපුව ගැහෙනව හොදටම...
අයිස් වලට මිදුනු මාලු කූරියමන් වගේ මන්...
හිතාගන්න පුලුවන් නේද අපි මස් උයන්න කලින් ෆ්රිජ් එකෙන් එලියට ගත්තම තියෙන විදිහ
මත් දැන් ඒ වගේ පන නැති කැටි ගැහිච්ච මස් ගොඩක් විතරයි. අඩු ගානෙ ඇස් බෝල දෙක වත් හොලවන්න බෑ.
මං හේත්තු වෙලා හිටි බිත්තියෙන් ඊස්සරහට වෙන්න කියල අත ඉස්සුව.
අහ්හ්....
හම පොලවට ඇලිල.
මට දැනුනෙ ඇස් පියවෙනව වගේ...
......................
රනතුංග කීප වාරයක්ම ටෝච් එක ගහල බැලුවත් කවුරුවත් පේන්න නෑ.
ඒත් මිනිහට ශුවර් අලුත් මිස් තාම ගියේ නෑ
කියල.
සාමාන්යයෙන් id එක නම් වැරදිලා කට්ටිය ගෙදර ගෙනියනව.
ඒත් ඒ නිසාම නෙමේ...
රනතුංග ට දැනුන මොකක් හරි අඩුවක්.
ඔව් හවසට යද්දි හිනා වෙලා
"යන්නම් අංකල්.... පරිස්සමෙන් ඉන්න"
හරිනෙ..මේ වචන ටික අද හවස ඇහුනෙ නෑනෙ.
ඒත් එක්කම ඇහුනෙ ගේට්ටුවට ගහන සද්දෙ.
ආ..අර ලමයගෙ තාත්තනෙ මේ.
අපෙ දූ තාම ආවෙ නෑ..මං මේ පිස්සුවෙන් වගේ දුවනව...
අනේ මහත්තය එන්න...
ඒක නෙ
මං හිතුව හරි අලුත් මිස් එලියට ආවෙ නෑ..
ඒත් එක්කම රනතුංග ගෙ මූන අවතාරයක් දැක්ක ගානට වෙනස් උනා.
ඇයි මොකද උනේ...
මගෙ දෙවියනෙ...මහත්තයෝ..
විගහට යන්
රනතුංග පිස්සුවෙන් වගේ දුවන්න ගත්ත...
මහත්තය මේක අරින්න යතුරු මං දන්නෑ..
මේක කඩමු...
රනතුංග පිස්සුවෙන් වගේ මොර දුන්න...
මිනිහගෙ ඇස් බෝල එලියට එන්න වගේ භය වෙලා...
මොකෙන් ගැහුවට් දොර හෙල්ලුනේවත් නෑ...
දැන් දැන් අප්පච්චිට තේරුනා වෙලා තීන දේ...
අහ්හ් අර අතන තියෙන්නෙ යතුරු...
දෙන්නම දාඩිය නාගෙන දොර ඇරන් අතුලට ගියේ පිස්සු හැදුනු ගානට.
ඒ වෙද්දිත් ඔවුන් පරක්කුද.
කාමරේ මුල්ලක ස්වප්න බිම වැටිල. එලියට ගත්තත් අමු මස් කෑල්ලක් ෆ්රිජ් එකෙන් ගත්ත වගේ දුම් පිටවෙනව.
...........................
ඒත් වාසනාව තාමත් ස්වප්නට ජීවත් වෙන්න ඉඩ සලසල දුන්න.
සිහි නැතුව සතියක් රෝහලේ හිටි ඇය දෙනෙත් විවර කලේ බොහෝ දෙනෙකුගේ හිට්බ් වලට සැනසුමක් එක් කරමින් .
🌿🌻 මේක ලිව්වෙ ඇත්තටම වෙච්ච සිදුවීමක් ඇසුරෙන්.මේ ගැන චිත්රපට පවා හැදුන.
මෙච්චරයි.......
ස්වප්න නෙමේ එදා මේදේට ඇත්තටම මූන දීපු කෙනා ජීවිතේ බේරගත්තේ කොහොමද.
ඔව් ඒ ඇගේ කරුණාවන්ත කම නිසා.මනුස්සකම නිසා. තමන්ට පහලින් උන්නු මිනිස්සුන්ට එක හා සමානව හදවතින් කතා කරපු නිසා.
උඩගු කම පැත්තකින් තියල... තමන්ගෙ ආදරණීය හිනාව පුදපු නිසා.
අන්න ඒ නිසා කවදාවත් ඔයා කොතන මොන තනතුරක තරාතිරමක උනත් කාටවත් ම ඔයාගෙ තත්වෙන් හිස උදුම්මවාගෙන උඩගු කම් පාන්න එපා.
මොකද අපිට හැමෝගෙම උදව් ඕනෙ වෙනව.තනිව ජීවත් වෙන්න අපි කාටවත් බෑ.
එච්චරයි.❤️
C.N

No comments:

Post a Comment

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...