Wikipedia

Search results

Tuesday, May 24, 2022

 කාටත් වගේ මටත් තිබුනා සිහිනයක්.

දවසක හැබැ කරගන්න.
පොඩි පොඩි හීන එක්තු උනු ලස්සන හීනයක් අදටත් ඉදලා හිටලා ගිහින් එන්න ආස හිතෙන .
කාටත් වගේ මටත් තියෙනවා අමතක වෙන්නේ නැති මූනක් අමතක කරන්න ඕනි නැති කටහඩක්.
ඒත්...
ජීවිත ගමන අපිට ඕනි විදියට නවත්තගන්න පුලුවන් වුනා නම් , අපි කැමති තැන් වලම කී දෙනෙක් නම් ඒ තැන්වලම නතර වෙලා ඉදීද.
මට අනේක වාරයක් ඒක හිතුනා.
ඒත් ජීවීතය කියන්නේ මේකට.
කාලය ගත වෙනවා.
දේවල් වෙනස් වෙන්වා,ඒවට හුරු වෙනවා,ලැබුන දේවල් දිහා බලලා සතුටු වෙනවා.
නොලැබුනු දේවල් දිහා බලන් ඉන්නවා ජීවිතය ගලා ගෙන යනවා.
ඔව්ව් ජීවිතය නතර වෙන්නේ නෑ ඒ දේවල් වලට අපි හුරු වෙන එක විතරයි වෙන්නේ.
හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතාගෙන ජීවත් වෙනවා,
ඔව් ඔයාලටත් මේ වෙලාවේ රූපයක් මතක් වෙනවා.
ඔව්ව් මටත් එහෙමයි.
මට ඕනී වුනේ දැක්කම මාව පිස්සු වට්ටන රූපයක්(සුදු ලස්සන නෙමෙයි මන් කියන්නේ)
පිරිමි ලස්සන,තේජස් ගතිය ආඩම්බකාර ඇස්,ආඩම්බර හිනාව. ඒ දේවල් වලින් මං පිස්සු වැටෙන, දකින දකින පාරට මාව මත් වෙලා යන පිස්සුවක් වගේ ආදරයක්.
දැන් ඔයාලා ඒක රාගයක් කියලා කියන්න උත්සහ කරන්න එපා.
ඒක පිස්සුවක් මං කැමති එහෙම කියන්න ඒකට.
ඒ ඇස් දෙක හිනාව මාව මුසපත් කරනවා ජීවිත කාලය පුරාවටම.
ඒ රූපය තුල ලස්සන හදවතක් තියෙනවා කියලා මං දැක්කේ ටිකක් කල් යනකොට.
ඒ ආදරය ජීවිතය ජීවත් කරා.ඒ අදරය බර වැඩි වුනා.ඒක තනි මට ලොකු වැඩි වුනා ඒ තරම් ආදරයක්.
ලස්සනම ආදර කතාවක් මට තිබුනා ඔව් ඔයාටත් තිබුනා අපි හැමෝටම මේ වෙලේ හිතේ ඇදෙන රූපයත් එක්ක ජිවිතේ ලස්සනම ආදර කතාව තිබුනා.
ඔව්ව් ඇත්ත මේ ජිවිතයේ හැටි ඒසා ආදරයක් නැති කරගත්තා.
ඔව් මන් ජීවත් වුනා ඒ ආදරයට පිං සිද්ද වෙන්න.
ඒ වගේම මං මගේ ජීවිතය මරා ගත්තා.මගේ ආදරය මංම මරා ගත්තා.
ඔව්ව්ව් ඒක එහෙම වුනා.ජීවිතය එහෙමයි.ගලාගෙන යනවා.
නොගැලපීම් ජීවිතය වෙනකොට දරාගන්න පුලුවන් දේහලීය අගයක් තියෙනවා.
ඒක බිදුනම තවත් රැදෙන්න හේතුවක් නැති වෙනවා.
ඔව් එහෙම වුනා.ඒත් අපි තාම අපිට ආදරය කරනවා.
ජීවිතය ගලාගෙන යනවා.
මිනිස්සු එනවා.යනවා.ආයිත් එනවා සමහරු නවතිනවා.සමහරවිට එයාලත් යනවා හෝ යාවි.
ඔව් ඒ ආදරයට මමත් ආදරය කලා මහමෙරක් වගේ.
තවමත් බුදුන් වදිනකොට ප්රාර්තනාවක් ඒ මිනිසා වෙනුවෙන් කරන්නේ මගේ ජිවිතේ එක කාලයක මට හම්බුන වටිනම දෙයක් නිසා.
ඒ හැම අලුත් කෙනෙක්ගෙන්ම අපි පරන රූපය පරන ආත්මය හොයනවා.කවදාවත් නොලැබෙන ඒ වගේ ආදරයක් ආයිත් හොයනවා.
ඒත් ලැබෙන්නේ නැති දෙයක් වෙනුවෙන් අපි අපේ වර්තමානය නාස්ති කරමින් ඉන්නවා.
ඔව් පරන අය ගියා අලුත් අය වෙනුවෙන් හිත හදාගන්න බෑ හැබැයි දවසක පුලුවන් වෙනවා.දවස කවද්ද දන්නේ නැතුව දුක් විදිනවා.
ඔව් පරන ආත්මය මිහිදන් කරලා ආයිත් නැගිටින්න ඕනී.
මං බලන් ඉන්නවා මං නැගිටිනකම්.
ඒත් මං ආසයි පරන දේවල් මතක් කරලා ආයිත් පොඩ්ඩක් හිත රිද්දගන්න ඒක තමා අපි වගේ අයට තියෙන එක්ම විනොදේ 😂
පරන හීන ආයිත් එකතු කරලා අලුත් ලස්සන සැබෑ වෙන හීනයක් දකින්න ආසයි.
ඒ හීනේ විදින්න ආසයි.
හැබැයි ආත්මය ස්පර්ශ කල ඒසා වූ ස්නේහනයක් ලැබුනු ජිවිතය ජීවත් කරවපු ඒ අපුරු මිනිසාව කවදා හෝ අමතක නොකර.
ඔව් මං ලෝබයි ඒ අතීතය අමතක කරන්න.
හැබැයි මං ආසයි ඒ අතීතය හැගීමක් නැතුව මතක් කරන්න වේදනාවක් නැතුව.
එතකොට ඒ ආදර සුන්දරයි.
අපි ඒ ආදරයට ආදරෙයි. වෛරයක් නෑ හිතේ.
ජීවිතේ මැරෙන මොහොතෙත් ඒ ආදරය මතක් වෙයි.
ඒත් එදාට ආදරයක් නැතිව සතුටින් මතක් කරයි එක කාලෙක මගේ ජිවිතය සතුටු කරපු ඒ ආදරය.එක අතකට ඔයාලා වාසනාවන්යි ඔයාලගේ ආත්මය ස්පර්ශ කල ඒ ආදරය ඔයාගේ එහා පැත්තෙන් ඉනවා නම්.එහෙනම් පරිස්සමින් බලාගන්න.
ඒත් ඒ ආදරය මග හැරුනු අපි වගේ අය අලුත් ජීවිතයක් දිහා බලන් ඉන්න.
the owl
..............
ජිවිතය දිනක සුවපත් වෙනවා.
ඒ සුවය තුලින් ඔබට මට දකින්න පුලුවන් වෙනවා ඒ ආදරනීය ආත්මය ආදරයක් වෛරයක් නැතිව කිසිම කිලුටක් නැතුව සම්පුර්ණයෙන්ම පුද්ගලයෙක් විතරයි හැගීමක් නැති.අන්න එදාට අපි පරිනත වෙලා කියලා කියන්න පුලුවන්.මන් හිතන්නෙ එහෙමයි
~ කිසිදිනක කතාවක් මගේ හිත බල ගන්වා මා ලියන්නට තැත් කලේ නැත.
ඉබේම මට ලියන්න හිතුනා.ඒ දේවල් මෙහෙම වචන වුනා.
මේකේ අගක් මුලක් නැති වෙන්න පුලුවන්.එක අතකට මට මගේ කතාවේවත් අගක් මගුලක් ගලපන්න අපොහොසක් වී බලා ඉන්න මොහොතක මෙහෙම දෙයක් ලියවුනේ.
මේ කතාව ලියන්නේ ලස්සන හීන ගොඩක් අතේ තියාගෙන ජීවිතය දිහා ආසවෙන් බලං ඉන්න ඇය ~ 🌻
[වදන් වලට වඩා වචන ගැඹුරුය. ඔබ ගේ මුවින් නික්මෙන වදන් හිස් වාතලයට මුසුවී නික්ම යයි. එහෙත් ඔබ හදවතේ කකියන ඒ දහසකුත් එකක් වූ වේදනාවන් වචන වලට පෙරලනවා නම් සදාකාලිකව ඔබගේ මතකය ආත්මය තවත් දහස් ගනනක් දෙනා ගේ හදවත් තුල පැලපැදියම් වනු ඇත. ඔබගේ මතකයන්ට දිය හැකි උපරිම සාදාරනය එය නොවේද .
මේ කතාව මට එවූයේ තම මතකයන් පොඩි කර අමතක කරනවා වෙනුවට ඒ මතකයන් තුල ජීවත් වීමට වෙර දරන කිසිදා නොදුටු ආත්මයක හිමිකාරිනියකි.
ඉතින් ඇගේ වචන එකින් එක කියවන ඔබත් ඇගේ මතකයන් තුල අතරමන් වනවාට සැක නැත.
ඉතින් ඔබටත් ඒසා වූ මතකයන් වේ නම් ඇය මෙන්ම ඔබටත් මේ පිටුව විවෘතය .]
The owl
අදට නවතිමි.

No comments:

Post a Comment

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...