Wikipedia

Search results

Wednesday, November 11, 2020


 ඔබත් දවසම Online lectures ද ?

විකිරණ හා මානසික පීඩනය දරුවකු බිලිගනී.
මීළඟ ට ඔබ විය හැක.
(සැලකිය යුතුයි - මෙය කැනඩාවේ සිදුවූ සිද්ධියක් බව දැනගන්ට ලැබුනි. නුමුත් එය හැමෝටම අදාලවන කාරණයක් බව පැහැදිලිය.)
ඉතා වැදගත් සහ බැරෑරුම් පණිවිඩයක්
කරුණාකර කොටස් අත නොහැර අවසානය දක්වා කියවන්න.
ඔබගේ බොහෝ දරුවන් online පංතිවලට සහභාගිවන අතරම, මෙවලම් (gadgets) වලටත් ඇබ්බැහිවී ඇති බව නිසැකයි.
කරුණාකර පරිස්සම්වන්න. මම ලියන්නේ මේ කාලයේ සිදුවන දෙයක් ගැනයි.
මගේ ඉතා ළග හොදම මිත්රයාගේ නංගීගේ පුතා ඉගෙනගන්නේ 12 ශ්රේණියේයි (13 වසර). ඔහු කුඩා කාලයේ ඉඳලම ඉතා දීප්තිමත් ශිෂ්යයෙක්.
ඒ පවුලේ එකම පුතා.
ඔහුගේ online පන්ති දිනපතා උදේ 10 ට පටන් ගන්නවා.
ඉතින් ඔහුගේ laptop පරිඝණකය උදේ 9 වෙනකොට පණගන්වනවා.
ක්රියාත්මකවී තිබෙන online පන්ති සම්බන්ධව පාසැලේ පන්ති සගයන්ගේ පීඩනය නිසා දිනපතා අඩුම වශයෙන් රාත්රී 10 වනතුරු laptop එකේ හෝ ජංගම දුරකථනයේ රැඳීසිටීමට ඔහු පුරුදුවී සිටියා.
කිසිම භෞතික ක්රියාකාරකමක යෙදුනේ නෑ.
COVID-19 බිය නිසා අසල්වාසි, ඥාති, හිතවත් දරුවන්ගේ නොපැමිණීමත් ඒ වගේම ඔහු පවුලේ එකම දරුවා වුණු නිසාත් ඔහුට සෙල්ලම්කරන්න කවුරුත් හිටියේ නෑ.
27/10/2020 අඟහරුවාදා උදේ ; ඔහු කිව්වා,
ඇඟට හරි නැති බව. ඊට දවස් දෙකකට කලින් ඔහුට වම් අතේ සුළු වේදනාවක් තිබුණා.
කවුරුත් ඒක බැරෑරුම් විදියට ගත්තේ නෑ. අඟහරුවාදා ඔහු කිව්වා online පන්තිවලට සහභාගිවෙන්න බෑ කියලා.
ඔහුට දෙමවුපියන් එක්ක ඉන්න ඕනෑ කියලා. දෙමවුපියන් පුදුමයට පත්වෙලා ඔහුට විවේකගන්න කිව්වා.
ඔහු නිදාගන්න හැදුවත් බැරිවුණා.
ඔහු කිව්වා ඔහුගේ පියාට වැඩටයන්න එපා කියලා.
“රෝහලකට යන්න ඕනැද?”
කියලා ඔහුගේ පියා ඇහුවාම දරුවා කිව්වා
“හැමතැනම කොරෝනා නිසා කොයි රෝහලටද යන්නේ” කියලා.
“හොඳ නින්දක් දැම්මාම මට හරියයි”
කියලා ඔහු ඔහුගේ පියාට වැඩටයන්න කිව්වා.
ඔහුට ගොඩක් බඩගිනියි කියලා ඔහුගේ අම්මාට කිවුවා ඔහුට තෝසේ කවන්න කියලා.
ඔහු ආයෙත් නිදාගන්න හැදුවත් බැරිවුනා.
පස්වරුවේදී ඔහු පියාට කථාකරල කිව්වා වහාම ගෙදර ඇවිත් ඔහුව රෝහලකට ගෙනියන්න කියලා.
විනාඩි 15 ක් ඇතුලත පියා ගෙදර ආවා. පුතා ඇවිත් ඔහුව වැළඳගෙන
“මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න” කිව්වා.
පියා කාර්එක පණගන්වන අතරතුර දරුවා සිහිනැතුව ඇදගෙන වැටුනා.
ඔවුන් එසැනින් කිලෝමීටර් 4 කට එහා තිබුණු
රෝහලකට දරුවාව ගෙනගියා. ඔහුව පරීක්ෂාකළ වෛද්යවරු කිව්වේ ඔහුගේ නාඩි නොවැටෙන බවයි.
ඔවුන් කෘතිම ස්වසනය දෙමින් හෘදය සම්බාහනයකරමින් (CPR කරමින්) දිගටම උත්සාහකරණ විට හෘදය ක්රියාකරන්ට පටන්ගත්තා.
ඔවුන් සියලු scan පරීක්ෂණ කළ විටයි දැනගත්තේ දරුවාගේ මොළය මැරී ඇති බව.
ඒත් ඔවුන් දිගටම
31/10/2020 සෙනසුරාදා උදෑසන වනතුරු උත්සාහකළත් වැඩක් වුණේ නැති නිසා කෘතිම ස්වසන යන්ත්රය ගළවාදැමීමට තීරණයකළා.
දැන් ඔහු තවදුරටත් මේ ලෝකයේ නෑ.
ඊළඟ කණගාටුවට කාරණය වුණේ, දරුවා රෝහලට ගෙන එන විට සිහිසුන්ව සිටි නිසාත් ,
අවුරුදු 13-19 වයස් කාණ්ඩයේ දරුවෙකු වූ නිසාත්,
රෝහල් බලධාරින් විසින් මෘතදේහය පොලීසියට භාරදීමයි.
ඔවුන් එය ආපසු භාරදීමට නියමිත වන්නේ මරණ පරීක්ෂණයෙන් සහ කොරෝනා පරීක්ෂණයෙන් පසුවයි.
ඉතින් ඒ අද 31/10/2020 ද, හෙට 01/11/2020 ද කියල කියන්න බෑ.
වෛද්යවරයා කිව්වා පහුගිය දින 20 ඇතුලත රැගෙන ආ මෙවැනිම 5 වෙනි රෝගියා මේ දරුවා බව.
මෙවලම් (gadgets) අධික ලෙස පාවිච්චිකිරීම
නිසා ඒවායින් නිකුත්වන විකිරණ විසින් මොළයට හානි සිදුකරල ඊට ඔක්සිජන් සැපයීම වැලැක්වීම නිසයි මේ ත්ත්වය ඇතිවන්නේ.
ඒනිසා මෙවලම් සීමිත ලෙස පාවිච්චිකරන්න.
හැකිතරම් උපරිම ලෙස earphones/headsets පාවිච්චිකිරීමෙන් වළකින්න.
සියලුම දෙමවුපියන්, භාරකරුවන් වෙත කරන යටහත් ඉල්ලීම නම් ඔබේ කුඩා දරුවන්, අවුරුදු 13-19 වයස් කාණ්ඩයේ පිරිමි ගැහැණු ළමයින් පරිස්සම්කර ගන්න.
ඔවුන්ට කියන්න online පන්තිවලට සහභාගිවන විටදී හැර මෙවලම් පාවිච්චි නොකරන ලෙස සහ හැකිතරම් මුද්රිත සටහන්/පොත් ආදිය කියවන ලෙස.
මට හැඟුනා මෙය ප්රයෝජනවත් වැදගත් කාරණයක් බව.
මටත් මෙය ලැබුනෙ යෙහෙළියකගෙන්...වටිනා කමක් ඇතැයි හැඟෙනවා නම් තවත් අයකුට දැනගනු පිනිස share කරන්න.
C.N

මොකද්ද මේ ක්‍රිප්ටෙක්ස්

#cryptex  ක්‍රිප්ටෙක්ස් යනු ක්‍රිප්ටලොජි සහ කොඩෙක්ස් යන ඉන්ග්‍රීසි වචන දෙකේ එකතුවෙන් සැදුම් ලද්දකි. ක්‍ර්ප්ටලොජි ( cryptology ) යනු ගුප්ත ලේ...